yllix

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෘශිකර්මයේ දායකත්වය


ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පසුබිම

65610km2 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වූ ශ්‍රීලංකාව අතීතයේ සිට කෘශිකාර්මික රටක් ලෙස නම් දරා ඇත. විජය කථා පුවතින් පිළිබිඹු වන ආර්යයන්ගේ ජන සංක්‍රමණවලින් පසු එනම් ක්‍රි.පූ.6වන ශත වර්ශයෙන් පමණ් පසු වී ගොවිතැන ඇතුලු  කෘෂිකාර්මික කටයුතු දිවයිනේ වියාප්ත වූයේය යන්න ඉතිහාසයේ දැක්වේ . අතීතය පිළිබදව විමසා බැලීමේදී ශ්‍රී ලංකාව කෘශිකර්මයෙන් ස්වයංපෝෂිතව තිබූ බවට සාධක ඇත. කෘශිකර්මය ආශ්‍රිත කර්මාන්ත ද ඇතුලත් ස්වයංපෝෂී කෘෂි ආර්ථිකයක් හා ඉහළ් ආහාර සුරක්ෂිතතාවයක් රට තුළ පැවති බව ඉතිහාසය තුළ පැවති බව ඉතිහාසය තුළින් සනාථ කළ හැකිය.

ශ්‍රී ලංකාවේ කෘශිකර්මාන්තයේ වර්ථමාන තත්වය 

දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය 



ශ්‍රීලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට දායක වන ප්‍රදාන අංශ කිහිපයක් තිබේ.  මේ අතර කෘශිකර්මාන්තය .කර්මාන්ත හා සේවා යන අංශ කැපී පෙනේ .කෘශිකර්මාන්තය මීට දශක කිහිපයකට පෙර දළ් දේශීය නිෂ්පාදනයට විශාල දායකත්වයක් දක්වා ඇති බව පැහැදිලි වන

නමුත් වර්තමානය වන විට මේ තත්වය ක්‍රමානුකූලව අඩු වී ඇත. එහෙත් කෘශිකර්මාන්තය මගින් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන නිෂ්පාදන ප්‍රමාණයෙහි  අඩුවක් දක්නට නොලැබේ .

ප්‍රතිශතයක් ලෙස මෙම අඩු වීමට මූලික හේතුව කෘෂිකාර්මයට වඩා වැඩි වේගයකින් කර්මාන්ත හා සේවා අංශ දියුණු වීමයි. විශේෂයෙන් ම සේවා අංශය ලබා ඇති දියුණුව කැපී පෙනේ .මධ්‍යම මට්ටමේ ඒක පුද්ගල අදායමක් ලබන ශ්‍රී ලංකාව වර්තමානයේ ශීග්‍ර සංවර්ධනයක් කරා ළගාවන  රටක් ලෙස සලකයි .රටක් ආර්ථික සංවර්ධනය කරා ලගා වීමේදී සාමාන්‍යෙන් එම රටේ දළ දේශීය නිශ්පාදිතයට කෘශිකර්මාන්තය  දක්වන්නා වූ දායකත්වය ක්‍රමයෙන් අඩුවී කර්මාන්ත හා සේවා අංශයන් හි දායකත්වය වැඩි වීමක් පෙන්නුම් කරයි .මෙයින් අදහස් වන්නේ එම රටේ කෘශිකර්මාන්තයෙහි දායකත්වය හෝ වැදගත්කම නොසලකා හැරීමක් නොව එම අංශය ද පවත්වාගනිමින් අනෙක් අංශයද පවත්වා ගනිමින් අනෙක් අංශ වර්ධනය වන බවයි.

Post a Comment

0 Comments