yllix

ශ්‍රී ලංකාවේ කෘශිකර්මාන්තය

අතීතයේ සිටම ශ්‍රීලංකාව කෘෂිකාර්මික රටක් ලෙස ප්‍රචලිතය ඒ සදහා පෞරාණික ලේකන සාක්ෂි දරයි . අතීතයේ සිටි රජවරුන් කෘශිකර්මාන්තය සදහා බෙහෙවින් රාජ්‍ය අනුග්‍රහය දක්වා තිබේ .
ඒවාට සාක්ශි දැනටත් නොනැසී පවතියි , මහා පරිමාණ වාරි මාර්ග පද්දති ඒ කාලයේ නිර්මාණය කිරීමෙන් විශාල භූමි ප්‍රමාණයක් වගා කිරීමට පහසුකම් සපයා තිබේ , ශ්‍රී ලංකාවේ අතීතයේ සිට මඩ සහ ගොඩ වගාව සිදු කර ඇත ,මඩ වගාවේදී වී ත්
, ගොඩ වගාවේදී ඇල් වී ,මුං ,කුරක්කං ,තල ,අමු ,මෙනේරි ආදී ධාන්‍ය වර්ගත් වට්ටක්කා ,කැකිරි ,අමු මිරිස් ,වම්බටු ,පතෝල ,වැටකොළු ආදී එලවලු වර්ගත් පලතුරු වර්ගත් වගා කොට ඇත
වාරිමාර්ග සෑදීමට පෙර  සිටම කන්න දෙකක් වගා කලද  කුබඹුරුවල  එක් කන්නයකදී වීත් ,එක් කන්නයකදී ගොඩ බෝගත් වගා කරයි වාරි වැව් සෑදීමත් සමග එය යම් තාක් දුරට වෙනස් වී ඇත . ගමක වැවක් සෑදීමෙන් ගමේ ගොවි කටයුත් මනාව කල හැකි විය ,වැව හා බැදුනු සිරිත් විරිත් රාශියක් ඇතිවිය එමගින් සිංහල සංස්කෘතික අංග ගනණාවක් බිහි විනි 

Post a Comment

0 Comments